නව ආරක්ශක ලේකම්තුමා - The new defense secretary

ආරක්ෂක අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්ත පත් කිරීම අද දින සිදු උනා. අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් සිදු කළ දෙවන පත් කිරීමයි මෙයයි.
ගුවන් හමුදාවේ වසර 33 ක් සේවය කළ ඔහු කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ කීර්තිමත් ආදී ශිෂ්‍යයෙක් වෙනවා. 1988 දී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට කැඩෙට් නිලධාරියෙකු ලෙස එක වෙන සම්පත් තුයියකොන්ත 2005 දී ශ්‍රී ලංකා ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුරේ අණදෙන නිලධාරියා ලෙස පත් කෙරුනා.
මානුෂීය මෙහෙයුම් වලදී සතුරාට එරෙහිව ඔහු කළ නිර්භීතකම සහ නිර්භීත ක්‍රියාවන් වෙනුවෙන් ඔහු "වීර වික්‍රම විභූෂණ" (WWV), "රණ වික්‍රම පදක්කම" (RWP) සහ "රණ සූර පදක්කම" (RSP) වලින් පුද ලබා තියෙනවා.
Social Plugin