අරුගම්බේ ප්‍රශ්නය;
ඊශ්‍රායල ජාතිකයන් ඉලක්ක කරගනිමින් එල්ලවිය හැකි ප්‍රහාරයක් ගැන බුද්ධි තොරතුරු ලැබී තිබුණා..!
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි.
ආරුගම්බේ ප්‍රදේශය ඉලක්කකර ගනිමින් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් ඇති බවට වාර්තා වී ඇතැයි, එක්සත් ජනපද තානාපති කාර්යාලය, විශේෂ නිවේදනයක් මගින් මෙරට සංචාරයේ නිරත සිය පුරවැසියන්ට දැනුම් දී තිබුණි.
මෙම අනතුර ඇගවීම බුද්ධි අංශ මගින් කල්තියා ආරක්ෂක අංශ වෙත දැනුම් දී තිබුණු බවත්, ඊට අදාල පියවර ආරක්ෂක අංශ විසින් ගනිමින් සිටි බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා පවසයි.
පොතුවිල් සහ ආරුගම්බේ යන ප්‍රදේශ, ඊශ්‍රායල ජාතික සංචාරකයන් අතර ජනප්‍රිය ස්ථාන බවත්, ඔවුන් සර්ෆිං ක්‍රීඩාව සදහා එම ප්‍රදේශවලට පැමිණෙන බවත් ඒ සදහාඔවුන්ගේ ම වූ මධ්‍යස්ථානයක් (ගොඩනැගිල්ලක්..?) එම ප්‍රදේශයේ පවතින බවත් පවසන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, ප්‍රහාරයක් එල්ල විය හැක්කේ එම ස්ථානය ඉලක්ක ගනිමින් බවට තොරතුරු ලැබී තිබුණු බවත් පවසයි.
කෙසේ වෙතත්, එවැනි ප්‍රහාරයක් වැලැක්වීම සදහා ගත යුතු ක්‍රියාමාර්ග ගැනීමට නැගෙනහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැනුම් දී ඇති බවත් ඔහු වැඩි දුරටත් පවසයි.
Social Plugin