ලෙස ‌ජනාවාස වූ සීතලම ජනාවාසය - The coldest permanently inhabited village on earth

ලෙස ‌ජනාවාස වූ සීතලම ජනාවාසය
The coldest permanently inhabited village on earth

ඔයිමියාකෝන් යනු රුසියාවේ සකා ජනරජයේ Oymyakonsky දිස්ත්‍රික්කයේ යානා - ඔමියාකෝන් කඳුකරයේ පිහිටි ග්‍රාමීය ප්‍රදේශයක් සහ පෘථිවියේ ස්ථිර ලෙස ‌ජනාවාස වූ සීතලම ජනාවාසය වන අතර සාමාන්‍ය ශීත උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ‌ 50 ක් පමණ වේ.

මෙම ඔයිමියාකෝන් ගම්මානයේ බහුතර ජනතාව සාම්ප්‍රදායික රුසියානුවන් සහ සයිබීරියානු යකුට්ස්කි වරුන් ගෙන් සමන්විතය. 

දැනට මෙහි ජනගහනය  500 කටත් වඩා අඩුවී ඇත. ජීවිතයක් කට‌ුකත්වය සැබෑවටම අර්ථ ගන්වමින්, හිරු උදාවන සෑම දිනයකම ස්වභාවධර්මය සමඟ ඔට්ටු වෙමින් තම ජීවිතය ගැට ගසා ගන්නට වෙරදරන සොඳුරු ජන කොට්ඨාසයක් වන ඔයිමියාකෝන් හි වැසියන් ඉතා මිත්‍රශීලී සහ සංග්‍රහ ශීලී වේ. 

මෙහි පැමිණෙන ඕනෑම අමුත්තෙකුට නවාතැන් ගැනීමට සිදුවන්නේ ගම් වැසියන් ජීවත් වන දැවයෙන් සාදන ලද කුඩා නිවසකය.