උත්සහය කිසිදා අත් නොහැරි Sarfaraz

උත්සහය කිසිදා අත් නොහැරි Sarfaraz


    නිමා වූ ඉන්දීය-නවසිලන්ත ටෙස්ට් ක්‍රිකට් තරඟයේදී Sarfraz Khan ඉන්දියාව වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කල අතර එම ඉනිම ඉන්දියාවේ ගෞරවය රැකි ඉනිමක් ලෙස බොහෝ දෙනා හැදින්විය. Sarfraz Khan කරලියට එන්නේ 2014 සහ 2016 අවුරුදු 19න් පහල ලෝක කුසලාන වලදීය. ඔහුට අනන්‍ය ආක්‍රමණශීලි පිතිකරණ නිසාවෙන්ම ඔහු වෙත ඉන්දීය ප්‍රිමියර් ලීගයේ ඉහල වටිනාකමක් ලැබුණේය. නමුත් ලැබුණු අභිමානය සමඟ Sarfraz Khanහට සිය සිහිනය අමතක විය. දිගෙන් දිගටම අසාර්ථක වූ Sarfraz Khan IPL වලදී කිසිදු කණ්ඩායමක් මිලදී නොගෙන සිටින තැනට පත් විය.

    Sarfraz Khanට එමෙන්ම සමාජ මාධ්‍ය ජාලා වල දැඩි දෝෂාරෝපණයකට ලක්වුයේ සිය තරබාරුකම නිසාමය. Sarfraz Khanගේ පිය උග්‍ර ක්‍රිකට් ලෝලියෙකු මෙන්ම පුහුණුකරුවෙකි. එමනිසාම සිය පුතාලා දෙදෙනා වෙනුවෙන් සිය ගෙදර වත්තේ රාත්‍රී පුහුණු වීම් සඳහාම ආලෝකකරණය කර පවා තිබුණි. Sarfraz Khan නැවත පියා සමඟ අධික ලෙස වෙහෙසෙමින් සිය සුපුරුදු රිද්මයට ඒමට බෙහෙවින් මහන්සි විය. සිය මහන්සිය කෙමෙන් කෙමෙන් ඵලදරන්නට පටන් ගත්තේ Sarfraz Khan රන්ජි කුසලානයේ ලකුණු අතරට පැමිණීමට සමත් විමත් සමඟය. 2021-22 රන්ජි තරඟවාරයේ වැඩිම ලකුණු ලාභියා වුයේ ලකුණු 982ක් ලබා ගනිමිනි. Sarfraz Khanගේ මෙම දස්කම් මුම්බායි කණ්ඩායමට අනුශුරතාවය දිනා දුන්නේය. Sarfraz Khan දිගින් දිගටම රන්ජි කුසලානයේ දැක්වූ දක්ෂතා සමඟ ඔහුට නිමාවූ ඉන්දු එංගලන්ත තරඟාවලියේදී ටෙස්ට් වරම් ලැබුණු අතර එහිදී ඉනිම් පහකදී Sarfraz Khan අර්ධ ශතක 3ක් ලබාගත්තේය.

    සිය දිවියේ අමතක නොවනම ඉනිම Sarfraz Khan දියත් කලේ ඉන්දු නවසිලන්ත තරඟයේදී ය. ඒ ඉනිම සමඟින් ඉන්දියාවම සිය වසඟයට ගන්න Sarfraz Khan සමත් විය.