දියවන්නා සුද්දය අවසන් ද...??

 දියවන්නා සුද්දය අවසන් ද...??

ලංකා ඉතිහාසයේ 10 වන පාර්ලිමේන්තු මැතිවරණය අති සාර්ථක ලෙස නිම උනා. 

එය මෙතෙක් පැවති පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසයන් අතුරින් සාමකාමී ම  මැතිවරණයක් ලෙස හදුන්වන්න පුළුවන්. 

මෙතෙක් පැවති බඩගෝස්තරවාදී නිර්ලජ්ජිත දේශපාලන සංස්කෘතිය මුලිනුපුටා දමන්න සර්වජනයාගේ චන්ද අයිතියට හැකි විම විශේෂ විය. 

ජනතාව දැන් සභුද්දිකය, ඔවුන් අවශ්‍ය කුමක් ද අනවශ්‍ය කුමක්ද යන්න මනාව වටහා ගෙන ඇත. 

පෙර පැවති 3% වත්මනේ 61% ක් වූ 2/3 ක බහුතරය ද , 2020 දී 59% වූ පොදු ජන පෙරමුණ  3% ක් දක්වාද පරිවර්තනය වීම විශේෂිත විය. 

එමෙන්ම නම් දරා සිටි , දූෂණ වංචාවන් සදහා ජනතා උසාවියේ වැරදිකරුවන් වූ මැති ඇමතීන් බහුතරයක් නිවෙස් කරා පිටමං කිරීමට ද ජනතාව සමත් විය. 

මෙසේ ධනාත්මක කරුණු රාශියක් සිදුවූ මැතිවරණයක් ලෙස 2024 පාර්ලිමේන්තු මැතිවරණය සැලකිය හැක..

ඉතින් අප අනාගතය දෙස බලා සිටිමු..

සර්ව සාදාරණ වූත්, ප්‍රතිපත්තිගරුක වූත්, පාර්ලිමේන්තුවක් ඇති වීමේ සතුට ද සහිතව...