රැකියාව සහ මානසික පීඩනය

බොහෝ දෙනෙකු තම ශාරීරික සෞඛ්‍ය වෙනුවෙන් දක්වන සැලකිල්ල මානසික සෞඛ්‍ය කෙරෙහි දක්වනවා දැයි යන්න ගැටලු සහගතය.
මානසික සුවයේ ඇති වැදගත්කම හේතුවෙන් ඒ වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දිනයක් පවා වෙන් කර ඇති අතර එය සෑම වසරක ම ඔක්තෝබර් 10 වන දාට යෙදී ඇත.
මෙවර එහි තේමාව වූයේ “රැකියා ස්ථානයේ මානසික සෞඛ්‍යයට මුල් තැනක් දෙමු” යන්න යි.
වැඩබිමේ පීඩනය: ඔබ වින්දිතයෙකු බව කල් තබා හඳුනා ගන්නේ කෙසේ ද?
ඉන්දියාවේ පුද්ගලික ආයතනය සේවිකාවක් රැකියාවේ අධික වැඩ ප්‍රමාණය දරා ගැනීමට නොහැකිව පසුගිය දිනක සිය දිවි හානි කර ගැනීමත් සමග ම ලෝකය පුරා සේවා ස්ථානවල සංස්කෘතිය මෙන් ම සේවක ශුභසාධනය කෙරෙහි වැඩි කතා බහක් ඇති විය.
Social Plugin